බතික් ඇමැතිකම විහිළුවක් කළේ දයාසිරිගේ බැරිකමයි….! ඔහු මැටි ඇමැතිගෙන් ටියුෂන් ගත යුතුයි….!

July 4, 2021 at 10:56 pm | by emanisa.lk

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය නොහැකියාව නිසා බතික් ඇමැති ධූරය විහිළුවක් බවට පත්කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ පවසයි.

එහෙත් ප්‍රසන්න රණවීර විහිළුවට ලක් කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් යොදා ගත් මැටි ඇමැති ධූරය ඉතා ම දක්ෂ ලෙස හසුරුවමින් ඔහු එමගින් බැබළුණ බව ද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිවරයා පෙන්වා දෙයි.

ඇමැතිවරු වැඩ කරන්නේ කෙසේ දැයි දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීරගෙන් උගත යුතු බව ද මහින්ද පතිරණ සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ බතික් ඇමැතිකමක් ලබා දී තමන් විහිළුවක් බවට පත්කළේ යැයි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *