බණ්ඩාරනායක මහින්ද අලුත් පක්ෂ හදලා දිනුවා! සජිත්ට නායකත්වය නොලැබුණොත් අලුත් පක්ෂයක් හදලා දිනනවා! – හරීන්

November 20, 2019 at 10:29 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් වෙනස් නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස තව දුරටත් දේශපාලනය කිරීමට සූදානම් නැතැයි හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

එහෙත් එතුමා වැනි හොඳ සිතුම් පැතුම් ඇති දේශපාලකයකු ලංකාවට අතහැරීමට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයේ තමා සිටින බව ඔහු අවධාරණය කළේය.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ ද අලුත් පක්ෂ නිර්මාණය කර ජයග්‍රහණය කරා මෙහෙය වූ බවත් සජිත් ප්‍රේමදාසට ඉඩක් ලබා නොදෙන්නේ නම් විකල්ප මාර්ගයක් වෙත යා යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.

අද (20) මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස