බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව නොකළා නම් තමන්ටත් ඉංග්‍රීසි ඉගෙන ගෙන ලෝකය ජය ගන්නට තිබුණා යයි සිතමින් සිටින අය දුටු විට, මට සිහිවෙන්නේ රජ කාලේ හිටියා නම් තමන්ටත් අන්තඃපුර තියාගෙන ඉන්නට තිබුණා යැයි සිහින දකින සමහර අහිංසකයන්ව ය.
රජ කාලේ හිටියා නම් ඒ අහිංසකයන්ට සිදුවන්නේ අන්තඃපුර තබා ගැනීමට නොව තම පෙම්වතියව පමණක් නොව දුවව පවා අඩුම තරමේ ප්‍රාදේශීය රදළයකුට හෝ දන් දෙන්නට ය.
ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස අද වෙන තෙක් පැවතියා නම් පසුගිය වසර 65 දී, ඉංග්‍රීසි ඉගෙන ගෙන අපේ ජනතාවට ලෝකය ජය ගන්නට තිබුනා යැයි සිතන අහිංසකයන්ගෙන් ඇසිය යුත්තේ, ඊට පෙර අවුරුදු 150ක් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස තිබුණු රටේ සිංහලයන් කී දෙනෙකු බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව කරන අවස්ථාව වන විට ඉංග්‍රීසි කතාකරමින් සිටියා ද යන්නයි.
කුමන අඩුපාඩුකම් තිබුණත් බණ්ඩාරනායක 1956 දී කළේ ඒ මොහොතේ දී කළ යුතුව තිබුණු ප්‍රගතිශීලී ම වැඩකි. එහි තිබුණු එකම අඩුපාඩුව වන්නේ, සිංහල හා දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීම වෙනුවට සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි.
තමන්ගේම ඇස් බැඳගෙන රැඩිකල් වෙන්නට යන බොහෝ දෙනා රට හෙළන්නේ තිබෙනවාට වඩා ගැඹුරු සහ අඳුරු අගාධයක ය.
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය