බඩු මිල නැංවීමෙන් ජනතාව කබලෙන් ළිපට…! ජනතා දුක මන්ත්‍රීවරු කිරිබත් කා සමරති…!

October 12, 2021 at 5:09 pm | by emanisa.lk

ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ.

ඒ අද (12) පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී ය.

සභාපති අමීර් නසීම්ගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි.

රැස්වීම අතරවාරයේදී එජාප නාගරික මන්ත්‍රීවරුන් වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා සිල්වා රැස්වීමට සහභාගී වෙමින් සිටි පිරිසර කිරිබත් පිළිගැන් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *