බඩු මිල ඉහළ යාම පිළිබඳ ආණ්ඩුවට දුකයි…! මාස හතරකින් විතර මිල අඩු වෙයි…! – රමේෂ් පතිරණ…

October 26, 2021 at 9:27 pm | by emanisa.lk

ඉදිරි මාස තුන හතරක කාලයේ දී භාණ්ඩ මිල අඩු වනු ඇතැයි අපේක්‍ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් ලෝක වෙළඳපළ තුළ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි කී අමාත්‍යවරයා ඉන් ජනතාව අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් රජය කනගාටුවට පත්වන බව ද සඳහන් කළේය.

තමන්ගේ බලය යටතේ භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව අපහසුතාව පත්වනු දැකීමට කිසිම රජයක් කැමති නැතැයි කී අමාත්‍යවරයා බටහිර දියුණු රටවල පවා භාණ්ඩ හිඟයක් සහ මිල වැඩිවීමේ තත්ත්වයක් දක්නට ඇතැයි කීවේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *