බඩු මිල අඩු කරන්න කියා පෙළපාලී යාම ත්‍රස්තවාදය නෙමෙයි…! අන්තරේ මුදලිගේ අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිනවා..! – මහාචාර්ය ජී.ඇල්. පීරිස්…

August 22, 2022 at 12:11 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමන් දැඩි ලෙස විරුද්ධ බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු මාස තුනක් රඳවා තබා ගැනීමට තීරණය කළ ද එහි ඇති ත්‍රස්තවාදයක් නැති බවයි, හිටපු අමාත්‍ය පීරිස් ප්‍රකාශ කළේ.

ත්‍රස්තවාදය යනු දළදා මාළිගාවට, ගුවන්තොටුපළට, මහ බැංකුවට, සිරිමා බෝධියට බෝම්බ ගැසීම බවත් බඩු මිල අඩු කිරීම, විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම ආදිය සඳහා බලකරමින් විරෝධතා පැවැත්වීම ත්‍රස්තවාදය නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සඳහා මාස කිහිපයකට පෙර තමා ඉදිරිපත් කළ සංශෝධන සඳහා පාර්ලිමේන්තුව එකඟ වූ බවත් මෙවැනි අවස්ථාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම ඉතා ම භයානක සිද්ධියික් බවත් මහචාර්ය ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *