බංකොලොත්වුණාට පස්සේ අපි ලෝකෙට ණය වුණේ නෑ… ! – මනූෂ

July 6, 2024 at 1:25 pm | by emanisa.lk

රට බංකොලොත්භාවයට මුහුණ දීමෙන් අනතුරුව වර්තමානයේ දී කිසිදු රටකින් ශ්‍රී ලංකාව ණය ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ බව අවබෝධයෙන් රටේ ණය වැඩි වී ඇති බව පවසන විපක්ෂය කරන්නේ ජනතාව මුලාවේ දැමීමක් බවයි, ඇමතිවරයා ඊයේ (05) මාතරදී සඳහන් කළේ.

ඩොලර් හැටියට ණය නිර්වචනය කිරීමේදී එහි අගය ඉහළ පහළ යන අතර ඒ පිළිබඳව අවබෝධය ඇතිව විපක්ෂයේ දේශපානඥයන් මෙසේ කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ මාතර ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගනයේදී පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ මාතර දිස්ත්‍රික් ජංගම වැඩසටහනට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *