පෞද්ගලික සමාගම් මක්කම වන්දනාකරුවන් සූරාකෑම වළකයි! රජය අඩු වියදම් පැකේජයක් හඳුන්වා දෙයි!

January 27, 2020 at 12:58 pm | by emanisa.lk

මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.

හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස