පෞද්ගලික පාසල් සිසුන් විදුහලේ නමින් රජයේ විභාගවලට බෑ!

February 26, 2019 at 5:20 pm | by admin

මෙවර අධ්‍යයන පොදු සහතික පෙළ උසස් පෙළ විභාගයට අයඳුම් කිරීමේ දී ජාත්‍යන්තර පාසල් සිසුන්ට සිය අයඳුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර පාසල් සිසුන් පෞද්ගලික අයඳුම්කරුවන් ලෙස සලකන අතර ඔවුන් විභාගයට අයඳුම් කළ යුත්තේ ද පෞද්ගලික අයඳුම්කරුවන් ලෙස බව විභාග අයඳුම්පතේ ද සඳහන් කර තිබේ. එහෙත් වසර ගණනාවක සිට පෞද්ගලික පාසල් සිසුන් එම නියෝග නොතකා සිය පාසල් මගින් අයඳුම් කළ අතර එම නීතිය කෙරෙහි අවධානය යොමු නොකරන ලදි.

කෙසේ වුවද පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පෞද්ගලික පාසල් නමින් නිකුත් කිරීමත් එහි දී කලා අංශයේ පළමු වැනියා බවට පෞද්ගලික පාසලක සිසුවියක පත්විමත් සමග ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය. එහෙයින් මෙවර එම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස