පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
අප්‍රේල් 01 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ මූලික වැටුප 27,000 දක්වා වැඩි කිරීමට අදාළ වන පරිදි අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන අතර ලබන ජනවාරි මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් තුන්දහසකින් වැඩි වන බවත් හෙතෙම සඳහන් කරයි.
ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 30,000 දක්වා වැඩි වන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ද එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ කළ වැඩිම වැටුප් වැඩි කිරීම 2025 මෙවර අයවැයෙන් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් කීය.