පෝලිමෙන් පිට එන්නත් විදින්නැයි නිලධාරීන්ට දැඩි බලපෑම්….! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හෙළි කරයි…

February 23, 2021 at 9:27 am | by emanisa.lk

ඇතැම් පුද්ගලයන් කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා නිලධාරීන්ට බලපෑම් එල්ල කරන බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මෙම පුද්ගලයන් හැඳුනුම්කම් මත සහ තනතුරු භාවිත කරමින් එන්නත තවත් පුද්ගලයන්ට ලබාදෙන ලෙස එන්නත්කරණය කරන මධ්‍යස්ථාන වෙත ගොස් බලපෑම් කරන බව වාර්තා වෙයි.

එහෙයින් එන්නත ලබා ගැනීමට තමන්ගේ අවස්ථාව එනතෙක් ඉවසිලිමත්ව කටයුතු කරන ලෙසත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් එන්නත ලබා ගැනීමට පෙර තමන්ගේ රෝග තත්ත්වය පිළිබඳව අනිවාර්යෙන්ම දැනුම් දිය යුතු බවත් ඒ පිළිබඳව ගැටලුවක් ඇත්නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හමුවී උපදෙස් ලබා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *