අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් තිබෙන සියලු පෝලිම් ඉදිරි සති දෙක තුන ඇතුළත අහෝසි වන තත්ත්වයට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ආණ්ඩුව ගෙන තිබෙන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“රටක් විදිහට අද ජනතාව ඉතා අමාරුවෙන් අපහසුතාවයෙන් වසංගතයත් එක්ක මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන්නේ. එම නිසා එම අමාරුකම්වලින් නිදහස් කර ගැනීමට හැකිවන පරිදි මුදල් ඇමැතිවරයාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
මුළු ලෝකයම ජීවන වියදම් ප්‍රශ්නයට මුහුණ දී තිබෙන්නේ. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕන. ජීවන වියදම පිළිබඳ දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. එම නිසා අපි ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන. මුහුණ දෙන්න තමයි ආණ්ඩුව බලයට පත් කරලා තිබෙන්නේ. ආණ්ඩුවක් විදියට අපි ඒ සඳහා උපරිම ආකාරයෙන් කටයුතු කරනවා.
ජනතාව පෝලිම්වල ඉන්න එකට අපි දැනටමත් විසඳුම් දී තිබෙනවා. ඉදිරි සති දෙක තුන ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් තිබෙන සියලු පෝලිම් අහෝසි වන තත්ත්වයට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ආණ්ඩුව විදියට අරගෙන තිබෙනවා. ඒ පිළිබඳ ජනතාවට වන අපහසුතාවන් පිළිබඳ විශේෂයෙන්ම කනගාටු වෙනවා.”