පෝලිම් යුගය අවසන්… එක ගමට බාර් 06ක්…!

June 7, 2024 at 3:53 pm | by emanisa.lk

එක්තරා ගමකට මත්පැන් බලපත්‍ර හයක් ලබා දී බාර් හයක් විවෘත කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආණ්ඩුවෙන් වතුර ඉල්ලුවත් දුන්නේ මත් වතුර යැයි ගමේ පන්සලේ හාමුදුරුවන් තමන් සමග ප්‍රකාශ කළ බව ද හෙතෙම කීය.

එය ඉතා ම පිටිසර ගමක් බවත් ඒ පිළිබඳ කතා කිරීමට පවා ලැජ්ජ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් සඳහන් කළේය.

අද (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *