පෝලිම්වල හිඳ පලක් නෑ,..! පෞද්ගලික වාහනවලට ඉන්ධන දීම නවතා දැමේ..!

June 27, 2022 at 7:59 pm | by emanisa.lk

අද (27) සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පෞද්ගලික වාහන සඳහා මෙම කාලය තුල ඉන්ධන නිකුත් නොකරන බවයි.

ඒ අනුව එම කාලය තුළ ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කරන්නේ ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *