පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000ක තොගයක් මෙරට තුළ මේ වන විට පවතින බවත් එම පෙට්‍රල් තොගය දින 20කට පමණ ප්‍රමාණවත් වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් පෙට්‍රල් රැස් කිරීම සඳහා පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එහෙත් ඩීසල් තොග ඇත්තේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් බැවින් ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් නිකුත් කිරීම මේ දිනවල සිදුවන්නේ ඉතාමත් සීමිතව බව වාර්තා වෙයි.
ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් ඉන්ධන නැවක් මැයි 28 වැනිදා හෝ 29 වැනිදා මෙරට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසන අතර එතෙක් දැනට පවතින තොග අත්‍යවශ්‍ය කටයුතු සඳහාම පමණක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.