රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල ආදායම රුපියල් 111,100කින් (අමෙරිකානු ඩොලර් 550) ඉහළ යන බව නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
ඊට අමතරව මේ ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව රුපියල් කෝටි 278,760ක (අමෙරිකානු ඩොලර් බිලියන 13.8) ආදායමක් එක්වන බව ද පී. ඩබ්ලිව්. සී. ආයතනය (PWC) නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වෙයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කරන ලද අතර සාර්ව ආර්ථික විචල්‍යයන් 5කට, එනම් රැකියා නියුක්තිය, දළ දේශීය නිෂ්පාදිතය, ඍජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය සහ රජයේ ආදායම යන අංශවලට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මඟින් ලැබෙනු ඇති දායකත්වය මේ වාර්තාව තුළින් විශ්ලේෂණයට ලක් කර තිබේ.