පොළොන්නරුවේ මහා සහල් ගබඩා 08ක් වටලයි…! ඇමැති ගම්ලත්ට සහ ඩඩ්ලි සිරිසේනටත් නීතිය ක්‍රියාත්මකයි…! සහල් ටොන් දහසක රජයට පවරා ගනී…! සතොසින් සහල් සාධාරණ මිලට ජනතාවට…!

September 8, 2021 at 8:55 pm | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ සහල් මෙට්‍රික් ටොන් 1,000ක තොගයක් රජයට පවරාගෙන සතොස වෙත භාරදී තිබේ.

ඒ වෙළෙඳපොළ වෙත නිකුත් නොකර රඳවා ගෙන තිබූ සහල් තොගයකි. අරලිය, නිපුන සහ රත්න යන ප්‍රමුඛ පෙලේ සහල් ව්‍යාපාරිකයින් සතුව තිබූ සහල් තොග ප්‍රමාණයක් එලෙස රජයට පවරාගෙන ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් පොළොන්නරුවේ පිහිටි අදාළ සහල් මෝල් වෙත පැමිණ එම සහල් තොග රජය භාරයට ගෙන තිබේ.

අද (08) පෙරවරුවේ මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ට අයත් නිපුන සහල් මෝලේ ද ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් මෝලේ ද රත්න සහල් මෝලේ ද තිබූ සහල් තොග මෙලෙස රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව සහල් මෝල් 08ක තිබී සහල් මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණයක් රජය භාරයට ගෙන ඇත. ඊට අමතරව රත්න සහල් මෝලේ සහල් තොග කිලෝග්‍රෑම් මිලියන 41ක් ඇති බවට ද අදාළ නිලධාරින් අනාවරණය කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් මෝල වෙත නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ එය ඉදිරිපිට ඔහුට හිතවත් ගොවීන් පිරිසක් සහ මහසංඝරත්නය රැඳී සිටිමින් රජයේ මෙම ක්‍රියාකලාපය විවේචනයට ලක් කළ ද රජයට පවරා ගත් සහල් තොග සතොසට අයත් ලොරි රථවලින් රැගෙන යෑමට පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස