පොහොර හිඟයෙන් සියලු වගාවන් විනාශයි…! ඉදිරියේ දී මහා සාගතයක් එනවා…! – නාමල් කරුණාරත්න…

June 20, 2021 at 2:35 pm | by emanisa.lk

රසායනික පොහොර තහනම එළඹෙන මහ කන්නයේ සිට ක්‍රියාත්මක වුව ද මේ වන විට රට තුළ මතුව ඇති පොහොර හිඟය නිසා ඉදිරියේදී ජනතාවට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න පවසයි.

මේ වන විට රසායනික පොහොර ගොවීන්ට සපයා ඇතැයි ආණ්ඩුව පැවසුව ද වී, එළවළු සහ අනෙකුත් කෘෂි භෝගවලට කිසිම වර්ගයේ පොහොරක් නොලැබීම නිසා පියවරෙන් පියවර සෑම අංශයක ම අස්වැන්න අඩුවීමට පටන්ගෙන ඇති බව ද කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඇතැම් ප‍්‍රදේශවල වී සඳහා රජයෙන් ලබාදෙන නොමිලේ පොහොර ද නොලැබී ඇති බවත් පොහොර නොමැතිකමින් එළවළු බීජ අලෙවිය මෙන්ම වගා බිම් අත්හැරීම සහ වගාවන් අසාර්ථක වීමට ද බලපා ඇතැයි ඔහු පැවසීය.

පොහොර නොමැතිකමින් තේ වගාවේ සියයට 40ක පමණ අස්වැන්න අඩු වී ඇති බවත්, එය බුලත් වගාවේ අස්වැන්නට ද බලපා ඇති හෙයින් ඉන් රටට ලැබෙන විදේශ විනිමය ද ඉදිරියේදී අඩුවනු ඇති බව ද නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *