පොහොර සහනාධාරේ එක වර දෙන්න භාණ්ඩාගාරේ සල්ලි නෑ…! – නි. ඇමති සුසිල් රණසිංහ

December 29, 2024 at 12:25 pm | by emanisa.lk

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති යම් යම් ගැටලු නිසා ගොවීන් වෙත පොහොර සහනාධාරය ලබාදීමට යම් ප්‍රමාදයක් ඇති බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

රජයක් ලෙස පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩිකර ඇතත් මෙම තීරණ ගත් පමණින් එය ක්‍රියාවට නැගෙන විට රාජ්‍ය යාන්ත්‍රණය සහා රටේ ආර්ථික තත්ත්වය බලපාන බවත් හෙතෙම කියා සිටියි.

මේ සඳහා අවශ්‍ය වන මුදල් එක්වරම දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බව ද ඔහු සඳහන් කරයි.

මුදල් ලබා දීමේදී යම් යම් අඩුපාඩු ප්‍රමාදයන් ඇතත් සියලු ගොවීන්ට පොහොර සනාධාරය ලබා දෙන බවත් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ රජාංගනවය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *