පොහොර වල්නාශක නෑ…! වතු ආදායම් 40%කින් වැටිලා…! කම්කරුවන්ට රු. 1000 ගෙවීම ගැටලුවක්…! වැවිලි ඇමැතිගෙන් විසඳුම් නෑ…!

October 2, 2021 at 8:25 am | by emanisa.lk

පොහොර හිගය හේතුවෙන් ඉදිරි කාලයේදී තේ අස්වැන්න 40%කින් පමණ පහත වැටිය හැකි බව වතු අධිකාරිවරුන්ගේ සංගමයේ කලාපීය සභාපති රවීන්ද්‍ර සේනාරත්න පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබා දෙන ලෙස ඉල්ලා වැවිලි ඇමැතිවරයාට ලිඛිත ඉල්ලීම් කිහිපයක් කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවය.

මේ වන විට පොහොර පමණක් නොව කෘෂි රසායන ද නොමැති බවත් ආදායම් අඩු වන පසුබිමක වතු කම්කරු වැටුප රු. 1000 දක්වා ඉහළ නැංවීම ද විශාල ගැටලුවක් බවත් රවීන්ද්‍ර සේනාරත්න අවධාරණය කරයි.

එම නිසා තම සාමාජිකයන්ට ඇති ප්‍රශ්න පිළිබඳ සාකච්ජා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින බවත්, එම අවස්ථාව ද නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස