පොහොර බෙදා නොහැර පිටුපස නිලධාරී පිරිසක්…! පොහොර ලේකම් කාර්යාල ලොක්කා පන්නයි….!

July 16, 2021 at 10:48 am | by emanisa.lk

පොහොර බෙදා හැරීමේ කටයුතු අක්‍රමවත් වීම නිසා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ. ඊ. බී. රොෂාන් එම තනතුරින් ඊයේ (15) සිට ඉවත් කරනු ලැබ ඇත.

යල කන්නයට අවශ්‍ය පොහොර තොග නියමිත වේලාවට බෙදා හැරීමට අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඒ හේතුවෙන් අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කළ බව ද ඇමැතිවරයා කීවේය.

නිසි පරිදි පොහොර තොග බෙදා නොහැරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් සම්බන්ධ බවට ඇමැතිවරයා චෝදනා කරයි.

පෞද්ගලික සමාගම් සඟවා තිබෙන පොහොර බෙදා හැරීමේ කටයුතු ඊයේ (15) දිනයේ සිට ආරම්භ කර තිබෙන බවත්, ඉදිරි දින දෙක තුළදී පොහොර තොග බෙදා හැරීම සිදු නොවුණ හොත් රජයේ පොහොර සමාගම් හරහා එම පොහොර තොග බෙදා හැරීමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගෙ වැඩිදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *