පොහොර පරික්ෂා නොකර LC විවෘත කිරීම වරදක්…! අර්බුදයට ඇමැති මණ්ඩලය වගකිව යුතුයි..! – ඕමල්පේ හිමි…

October 31, 2021 at 12:02 pm | by emanisa.lk

මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමැති මණ්ඩලය වගකිව යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියෝ පවසති.

පොහොර පරික්ෂාවකින් තොරව LC විවෘත කිරීම මගින් මේ වන විට රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටලුවක් මතු වී ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

මෙරටට වැඩි වශයෙන් භාණ්ඩ ආනයනය කරන්නේ චීනයෙන් බවත් මෙරට භාණ්ඩ වැඩි වශයෙන් චීනයට ද අපනයනය කරන බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම පරික්ෂණයක් පවත්වා රාජ්‍යත්‍රාන්තික තත්ත්වය සම්බන්ධයෙන් සමතයකට ආ යුතු බවත් හිමියන් පැවසූහ.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *