පොහොර නැවත පරික්ෂාව රටට නින්දාවක්..! නරව වහාම ආපසු හරවනු..! – අනුර…

November 21, 2021 at 8:03 pm | by emanisa.lk

ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුළත් චීන කාබනික පොහොර ලංකාවට ඇතුළු කිරීම සඳහා ආණ්ඩුව දරන මුළු ප්‍රයත්නයම නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මෙම පොහොර නැව වහාම ආපසු හරවා යැවිය යුතු බවද ජවිපෙ නායකයා කීය.

රටේ ශාක නිරෝධායන නීතිය තුළින් දෙවරක් පොහොර පරීක්ෂාවට භාජන කර ඒවායෙහි රටට අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට හ¾දුනාගත් සේම ඊට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් මේවා ලංකාවට ගොඩබානවාද නැද්ද යන්න ගැන නිවැරදි ස්ථාවර තීන්දුවක් ගැනීමට ආණ්ඩුව කල් මරමින් සිටින බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කෘෂිකර්ම නිලධාරීන් බලපෑම්වලට නතු කරමින් මෙම පොහොර නැව රට ඇතුළට ගන්නා ප්‍රයත්නය නතර කළ යුතු බවද ඔහු පැවැසීය.

එමෙන්ම ඇමැතිවරුන් විටින් විට චීන බලධාරීන් සමඟ සාකච්ඡා කර තෙවැනි පාර්ශ්වයක් හරහා මෙම පොහොර පරීක්ෂා කිරීමට කරනු ලබන යෝජනාවෙන් සිදුකරන්නේ රටේ ශාක නිරෝධායන පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම මුළුමනින්ම හෑල්ලුවට ලක්කිරීම බවත් ඒ වගේම මෙම පොහොර සාම්පල් පරීක්ෂා කිරීමකින් තොරව ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ කවුරුන්දැයි රටට හෙළි කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *