රසායනික පොහොර තහනම් කිරීමත් සමග ජාවාරම්කරුවන් බෝට්ටු මගින් යූරියා පොහොර ඉන්දියාවෙන් රැගෙනවිත් වැඩි මිලට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.
බෝට්ටු පොහොර ලෙස හඳුන්වා දෙමින් කෘෂි නිලධාරීන් සම්බන්ධ කර එම පොහොර අලෙවි කරන බව සඳහන් වේ. මේ වන විට මාළු බෝට්ටු හා ටෝලර් මගින් උතුර හා දකුණේ වෙරළ තීරයට ඒ ආකාරයට යූරියා පොහොර රැගෙනවිත් අලෙවි කරමින් ඇත.
එසේ රැගෙන එන යූරියා කිලෝග්‍රෑම් පනහේ මිටියක් රුපියල් පන්දහසත් හය දහසත් අතර මිලකට අලෙවි වේ.
මහ කන්නය ආරම්භයත් සමග බෝට්ටු පොහොරවලට ගොවීන්ගෙන් දැඩි ඉල්ලුමක් තිබේ