රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව මල් වගාකරුවෝ කියති.
කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලැබූ පවුල් විශාල පිරිසක් මේ හේතුවෙන් අසරණ වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් මංගල සහ අවමංගල උත්සව සඳහා මෙන්ම නොයෙකුත් සැරසිලි සඳහා යොදාගත් දේශීය මල් ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇත.
මේ වන විට මල් වඩම් කෘත්‍රීම මල් යොදා පිළියෙළ කරන අතර ස්වභාවික මල් යොදා නිමකරන ලද මල් වඩමක මිල රුපියල් දස දහස දක්වා ඉහළ ගොස් තිබේ
මේ වන විට ස්වභාවික මල් වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වන බව ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.