කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හමුවේ පැවසූහ.
රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.
ගොවි සංවිධාන නියෝජිතවරුන් මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ පෙරේදා (12) හමු වූ අවස්ථාවේදීය. දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු මේ හමුවට එක්ව සිටියහ.
මහ කන්නයේ වී අස්වැන්නෙන් සියයට 40 -50 ත් අතර ප්‍රමාණයක් අඩු විය හැකි බව මෙහිදී පෙන්වා දුන් ඔවුහු මේ වගා හානි පිළිබඳ ඇස්තමේන්තු කර වන්දි දෙන ලෙස ද ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මේ සියලු අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දෙමින් යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා රජය සමඟ තම සංවිධානය අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව ද ඔවුහු අවධාරණය කළහ.
පසුගිය කාල පරිඡේදය තුළ කෘෂිකර්ම ඇමැතිවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මුහුණ දුන් අතිශය පීඩාකාරි විවේචන හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තම සංවිධානය බලවත් සේ කනගාටු වූ බව ද ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.