පොහොර ඉල්ලූ ගොවීන්ට රාජපක්ෂලා දුන්නේ චීන අශූචි…!

August 13, 2024 at 7:23 pm | by emanisa.lk

මේ රටේ හාල් සේරුවට ආණ්ඩු මාරු වන යුගය වෙනස් කළේ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ඇතුළු නායකයන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න පවසයි.

ඒ මහවැලිය පස් පොළකින් හරස් කොට හෙක්ටයාර් 185 000ක් වගා කිරීමට අවස්ථාව සලසා දීමෙන් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ගොවි ජනතාව ඉල්ලා සිටියේ මුදලට පොහොර සහ කෘමිනාශක ටික පමණක් වුව ද රාජපක්ෂ කල්ලිය ඒ ජනතාව උස්සා පොළොවේ ගැසූ බවත් අවසානයේ චීන අශූචි පවා ගොවීන්ට බෙදා දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේග ජන හමුවකට එකතු වෙමින් ලක්ෂ්මන් සෙනෙවිරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *