පොහොර ඉල්ලූ ගොවියෝ දැන් රසායනික පොහොර ඉල්ලනවා…! රසායනික පොහොර ගේන්න වෙලාවක් නෑ කාබනික පොහොරින් වගා කරන්න…! – මහින්දානන්ද…

October 16, 2021 at 11:36 am | by emanisa.lk

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවීන්ගෙන් ඉල්ලයි.

“ගොවියෝ උද්ඝෝෂණය කරලා පාරට බැස්සේ පොහොර ඉල්ලලා. මේ වන විට ආණ්ඩුව පොහොර ලබා දෙමින් යනවා. මහ කන්න පටන් ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 29ට මේ වනවිට පොහොර වර්ග 3ක් අපි බෙදලා ඇරලා තියෙනවා. මේ මාසේ අග වනවිට නයිට්‍රජන් පොහොර ටික ලංකාවට එනවා. ඒ අනුව වී ගොවි තැන සහ බඩ ඉඟුරු සඳහා අවශ්‍ය සියලු පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ට ලබා දීමට කටයුතු කරනවා.

පොහොර ඉල්ලපු ගොවියෝ දැන් කියනවා කාබනික පොහොර නෙමෙයි අපිට රසායනික පොහොර ලබා දෙන්න කියලා. අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නෑ. ආනයනය කළත් අපට මාස 2ක් යනවා. ඒ නිසා රසායනික පොහොර ඉල්ලලා ගොවියෝ උද්ඝෝෂණය කරලා මේක දේශපාලනිකරණය කරන්න වෙනත් පුද්ගලයින් උත්සාහ කරනවා.

අතිගරු ජනාධිපතිතුමා සහතිකයක් දුන්නා ඉදිරි සති 2කේ වෙලාවට පොහොර දෙනවා කියලා. ඒ දෙන පොහොර පිළිබඳව රජය වගකීම ගන්නවා කියලා. එ විතරක් නෙමේ ඒ පොහොර භාවිත කරලා නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ඒ සඳහා වන්දි ගෙවන බවටද ආණ්ඩුව කිව්වා. මේක අභියෝගයක් කියලා අපි දන්නවා.

නමුත් මේ මොහොතේ අපි පොහොර ටික ලබා දීලා තියෙනවා. සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලනවා වී වගාව සඳහා ගොවි බිමට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම අප ආනයනය කරන ලද පොටෑසියම් පොහොර රසායනික පොහොරක් කියලා ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. මේක ඛනිජමය සම්භවයකින් නිෂ්පාදනය කළ කාබනික පොහොරක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස