පොහොට්ටු හොරු නැති රටක් හදන්න…! අපි ගාලු මුවදොර අතහැර ගෙදර යනවා…! – දමිතා ජනපතිට කියයි…

August 9, 2022 at 8:03 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලකරුවන් අද (09) ඉන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.

එම අරගල භූමියට අදට දින 123කි.

පසුගිය දින කිහිපය පුරා අරගලකරුවන් කුඩාරම් ගලවා ගෙන ඉන් ඉවත් විය.

අද වන විට දක්නට ලැබුණේ කුඩාරම් 15ක පමණ සුළු ප්‍රමාණයකි.

පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව දක්වා ද ආයතන මුල් පුටුවල ද සිටින පොහොට්ටු හොරු ඉවත් කර දමා පිරිසිදු පාලනයක් ඇති කරන ලෙස දමිතා අබේරත්න එහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ ය.

පොහොට්ටු හොරු නැති රටක් හදා ජනතාවට සහන දෙන ලෙසත් නැත්නම් රනිල් වික්‍රමසිංහට එරෙහිව ද නැඟී සිටින බවත් ඇය එහි දී අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *