පොහොට්ටු සභාපති පුටුවෙන් ජී.ඇල්. නෙරපයි..! නව සභාපති රංජිත් බණ්ඩාර…!

September 17, 2022 at 5:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට දරන මහාචාර්ය ජී එල් පීරිස් මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කළ යුතු බව පක්ෂයේ බහුතරයකගේ අදහස වී ඇත.

මහාචාර්ය රංජිත් බණ්ඩාර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා ද යෝජනා වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස