පොහොට්ටු ශ්‍රීලනිප සන්ධාන සාකච්ඡා සාර්ථකයි! 22 වෙනිදා නැවත හමුවෙන්නත් ගිවිස ගනී!

March 14, 2019 at 2:17 pm | by admin

පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථක ලෙස නිම වූ බවත් එහි දෙවන අදියර මෙම මස 22 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඒ අතර විය. කෙසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වන බව කී ආචාර්ය ජගත් වැල්ලවත්ත පැමිණි බවත් වාර්තා නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස