පොහොට්ටු වේදිකාවට අපි නඟින්නේ නෑ! ගෝඨා දිනවන ශ්‍රීලනිප ජනහමු මාලාවක්! – ශ්‍රීලනිපය

November 3, 2019 at 4:34 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ දිනවීම වෙනුවෙන් තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දුකර ඇත.

‘පොහොට්ටු’ වේදිකාවට ගොඩවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කරමින් සැලසුම් සහගතව දිගින් දිගටම හූ තැබීමට සැලැස්වීම මිට හේතුවයි.

මේ හේතුවෙන් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමට ශ්‍රී ලනිපය මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. මේ වන විට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ පොහොට්ටු වේදිකාවල දී ‘හූ’ සංග්‍රහයට ලක්ව ඇත.

මෙම සිදුවීම් පිටුපස පොහොට්ටුවේ ඇතැම් ප්‍රාදේශීය නායකයන් සිටින බවට පිරිසක් චෝදනා කරන අතර තවත් පිරිසක් චෝදනා කරන්නේ පොහොට්ටු ශ්‍රීලනිප එකමුතුව බිඳ දැමීමට එජාප සහ චන්ද්‍රිකා කණ්ඩායම් පිරිසක් යොදවා හූ කියන බවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස