පසුගිය 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි වූ ආයතන 226ක බලයක් පමණක් වුව ද මෙවර ජාතික ජන බලවේගය එම වාර්තාව අභිබවා ගොස් තිබේ.
උදෑසන 10 පමණ වන විට මාලිමාව ආයතන ගණන 234ක් ජයග්‍රහණය කර තිබිණි. කෙසේ වුව ද මේ අතරින් ඔවුන්ට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිව ඇත්තේ ආයතන 103ක පමණි.
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී එවක ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ආයතන 47ක් දිනාගත හැකි වුව ද උදෑසන 10 පමණ වන විට වත්මන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට දිනාගත හැකිව තිබෙන්නේ ආයතන 13ක් පමණි.