පොහොට්ටු ලේකම් පසුබසී…! මාධ්‍ය හමුවත් අවලංගුයි….!

June 14, 2021 at 7:29 am | by emanisa.lk

තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ තව දුරටත් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (13) කැඳවා තිබූ මාධ්‍ය හමුව හදිසියේ ම නවතා දමා තිබේ.

ආණ්ඩුවේ ඉහළ නායකත්වයේ නියෝගයෙන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අදහස් දැක්වීමට සූදානම් කළ මෙම මාධ්‍ය හමුව අවලංගු කර ඇත.

මේ අතර ඇමැති උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ තෙල් මිල ඉහළ නැංවීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුදැනුම මත සිදු වූවක් බව ය.

එසේ ම සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනය පිළිබඳ පක්ෂ නායකත්වය පවා දැන නොසිටි බව ය. වැඩ දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා වසර 05කට පෙර සාගර කාරියවසම් යනුවෙන් ප්‍රාණියෙකු මෙලොව වාසය කරන බව හෝ තමන් නොදැන සිටි බව ද ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *