අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කවුද යන්න මන්ත්‍රීවරුන් රැස්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කළ යුතු බව නායකයින් වෙත දැනුම් දෙන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.
එසේ නොමැතිව ඒ සඳහා කෝටි ගණනක මුදල් වැය කිරීම අපරාධයක් බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කිරීමට සිය පක්ෂය තීරණය කර නොමැති බවත් මෙවැනි අත්තනෝමතික ප්‍රකාශ සිදුකළහොත් මන්ත්‍රීවරුන් එක්ව ලේකම්වරයා නෙරපා දමන බවත් ලලිත් එල්ලාවල අවධාරණය කළේය.