පොහොට්ටු ලේකම්ගේ ප්‍රකාශය පිළිබඳ අගමැති මහින්ද ප්‍රතිචාර දක්වයි…!

June 14, 2021 at 12:34 pm | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳ වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

අද දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමක දී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ඕනෑ ම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බවයි.

මේ මොහොතේ ඉන්ධන මිල ඉහල දමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යැයි ද පවසන අග්‍රාමාත්‍යවරයා මෙරට ජනතාවට මුහුණ දෙන තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බවද පැවසීය.

කෙසේ වෙතත් මෙය තාවකාලික පියවරක් බවත් ලෝක ඉන්ධන මිල පහළ ගිය වහා ම ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් අගමැති රාජපක්ෂ සඳහන් කරයි.

තෙල් සංස්ථාව දිගින් දිගට ම පාඩු ලබමින් ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වා ගෙන ආ බවත් එම තත්ත්වය තව දුරටත් පවත්වා ගෙන යාම අසීරු වීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවු බවත් අගමැතිවරයා තවදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස