පොහොට්ටු මන්ත්‍රී නිවාස සියල්ල හදල දෙනවා…! මගේ පාලනයක් යටතේ මැරයින්ට ඉඩ නෑ…! – රනිල්….

July 17, 2022 at 3:22 pm | by emanisa.lk

ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් නිවාස ඇතුළු දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒ නිවාස සාදා දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

වැඩබලන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන් සමග දුරකතනය ඔස්සේ වරින් වර පෞද්ගලිකවම අදහස් හුවමාරු කරගනිමින් ඒ බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

එම දේපළ විනාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තමාගේ පාලනය යටතේ රටේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට කිසිසේත්ම ඉඩ නැති බවත් හෙතෙම ඒ මන්ත්‍රීවරුන්ට වැඩි දුරටත් දැනුම්දී ඇත.

විනාශයට පත්වූ මැති ඇමැතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත.

දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුළු දේපළ විනාශයට පත්විය. එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයයෝ රැසක් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *