පොහොට්ටු පාක්ෂිකයා ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ රනිල්…! – මිලාන් ජයතිලක…

August 23, 2024 at 5:02 pm | by emanisa.lk

බංකොලොත් දේශපාලන වටපිටාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසයි.

අරගලය මොහොතේ නිවසට ගිනි තැබුව ද වික්‍රමසිංහ මහතා රට හැර නොගිය බවත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 93කට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුට සහය පළකරන අතර ඊට පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද එකතු වෙමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසර දෙකක අත්දැකීම් අනුව රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩ නැගිය හැකි බව විශ්වාස බවයි, මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *