පොහොට්ටු නගරාධිපතිට ප්‍රහාරයක්…! මැහුම් 13ක් දමා රෝහලේ….!

August 5, 2021 at 2:48 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්ට ඊයේ (04) පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව ඇත.

වාහන තදබදයක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයන් දෙදෙනෙක් එක්ව පහර දීම සිදු කර ඇති අතර තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කර මැහුම් 13ක් දමා ඇති බව මිරිහාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *