පොහොට්ටු ආණ්ඩුව හැදූ ප්‍රබලයින් අප සමඟයි…! 2023 බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිරයි…!- වජිර

July 16, 2021 at 4:53 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් 2023 අග වන විට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන් ම පිහිටුවන බව පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

බලගතු ආණ්ඩුවක් පිහිටු වීමට අවශ්‍ය මූලික පදනම මේ වන විටත් සකස් කරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමට මූලික වී කටයුතු කළ බලවේග මේ වන විට එජාපය සමඟ කටයුතු කරමින් සිටින බවත් එජාප සභාපතිවරයා අනාවරණය කරයි.

විපක්ෂයේ කණ්ඩායම් සමගත් ඒ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටන බව ද අබේවර්ධන වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *