පොහොට්ටු ආණ්ඩුව දෙදරයි…! ශ්‍රීලනිපය තනිව මැතිවරණයට…!

November 28, 2021 at 1:08 am | by emanisa.lk

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මතුව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍ර අතට හැරීමය.

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර සහ දිස්ත්‍රික් සංවිධායක ධුර පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනටමත් ආරම්භ කර ඇති අතර, පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බව ද වාර්තා වේ .

ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර, මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම්වල දී තමන්ට කැමති තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට උපදෙස් ලැබිණි.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්‍රහාර ගෙන යන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අතර ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ඇති ඇති වූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයෙ උච්ඡතම අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *