පොහොට්ටු අලි දීගේ කොට උඩ… රනිල් 30%ක් දෙද්දි බැසිල් 90%ක් ඉල්ලයි..!

July 27, 2024 at 2:37 pm | by emanisa.lk

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහි දී ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ. බැසිල් රාජපක්ෂ පොහොට්ටුව සඳහා පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවල දී පිළිවෙළින් සියයට 90ක්, සියයට 70ක් සහ සියයට 70ක් බැගින් ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියයට 30ක්, සියයට 35ක් සහ සියයට 40ක් ලබා දීමට හැකි බවයි.

කෙසේ වුව ද ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) නැවත හමුවීමට නියමිත බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *