වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න තීරණය කරන්නේ එළඹෙන ජුනි මාසයෙන් පසුව බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
එහි ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරයා තෙවන ස්ථානයට පත් වුවහොත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි, ගම්මන්පිල ප්‍රකාශ කළේ.
බලයේ සිටි ලොව කිසිදු ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරණයක තෙවන ස්ථානයට පත්ව නොමැති බවත් පොහොට්ටුව සහය ලබා දුනහොත් ඔහුට යන්තම් 15%ක් ඡන්ද ලබාගත හැකි බවත් උදය ගම්මන්පිල සඳහන් කරයි.