නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.
එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට නියමිතව තිබේ.
ඒ අනුව නව විපක්ෂ නායකයා කවුදැයි ඉදිරියේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාසගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටිය ද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හැරියේය.