පොහොට්ටුව රැල්ලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ…! – නාමල්…

August 5, 2024 at 11:01 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වන්නේ වෛරය නොව රට හදන වැඩපිළිවෙළක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“සමහර වෙලාවට මේ ඉහළ මට්ටමේ කරන පිල් මාරු නිසා තැළෙන්නෙ අපේ පාක්ෂිකයා. කොයි පැත්තටද යන්නෙ කියලා හිතාගන්න බැරිවෙනවා.

අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් අපි ඒ අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ වෛරය නෙවෙයි, වැඩපිළිවෙළ. අද නොයෙක් කටකතා, නොයෙක් මතිමතාන්තර, දේශපාලන වේදිකාවල පිල් මාරු.

ඒ මොන පිල් මාරුව වුණත් මගේ ආදරණීය අම්මේ තාත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැල්ලට තමන්ගේ ප්‍රතිපත්ති අත්හරින්නෙ නැහැයි කියන වගකීමත් අපි ඔබ තමුන්නාන්සෙලාට මතක් කරනවා.”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ගාල්ල, රත්ගම දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන සම්මේලනය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *