පොහොට්ටුව රට පුරා නාය යයි…! හොරණ අයවැයත් උඩින් ම පරාදයි…!

December 7, 2021 at 5:27 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

අයවැයට විරුද්ධව ඡන්ද 25ක් ලැබී ඇති අතර ඊට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 21ක් පමණි.

එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ම මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

පසුගිය සතිය තුළ පළාත් පාලන ආයතන කිහිපයකදීම මේ ආකාරයෙන් අයවැය ඡන්ද විමසීම්වලදී පරාජයට පත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *