පොහොට්ටුව නැත්නම් මෛත්‍රී, විමල්, ගම්මන්පිල පරාදයි…! ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව රකිනු…! බැරි නම් දොට්ට බැහැල යනු…! – කුට්ටිආරච්චි…

October 27, 2021 at 12:53 pm | by emanisa.lk

මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අද පාර්ලිමේන්තුවේ සිටින්නේ පොහොට්ටුව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

පොහොට්ටුව නොවන්නට ඒ සියලු දෙනා ම පාර්ලිමේන්තුවට පත් නොවන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එහෙත් සුලු පක්ෂ ආණ්ඩුව අභ්‍යන්තරයේ කතා කළ යුතු දේවල් ප්‍රසිද්ධියේ කතා කරමින් සාමුහිකත්වය බින්ඳ බවට තිස්ස කුට්ටආරච්චි චෝදනා කරයි.

ඔහු සඳහන් කරන්නේ, මේ පිරිසට අද ජනාධිපතිවරයාගෙන් රැස්වීමක් පවා නොලැබෙන්නේ එලෙස සාමුහිකත්වය බිඳ කටයුතු කළ නිසා බව ය.

එහෙයින් මෙම පිරිස ආණ්ඩුවේ සිටින්නේ ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී සිටිමින් ආණ්ඩුව රැකගත යුතු බවත් නොඑසේ නම් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුව හැදීමට උදව් කළ පමණින් ආණ්ඩුව අංගුලිමාලයෙකු කිරීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බවත් තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

යූටියුබ් නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස