පොහොට්ටුව ජනපති අපේක්ෂක ගැන අපෙන් අහන්න ඕන! පොහොට්ටුව තනියම නම් කරන අපේක්ෂකයාට අපි සහාය දෙන්නේ නෑ! – ශ්‍රීලනිපය

July 17, 2019 at 12:29 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලුවහොත් තම පක්‍ෂයට වෙනත් තීන්දුවක් ගැනීමට සිදුවන බව මහලේකම්වරයා සඳහන් කළ අතර ඔහු එසේ සඳහන් කර සිටියේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදිය.

මේ අතර අගොස්තු මස පොදුජන පෙරමුණු ජාතික සමුළුවේ දී සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීමට දැනටමත් සූදානම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස