පොහොට්ටුව ඇල්පිටියේ ජයකෙහෙළි නංවයි! කොට්ඨාශ 17ම ඉහළින්ම දිනයි! ඇතැම් කොට්ඨාශවල එජාපය තෙවන තැනට වැටෙයි!

October 11, 2019 at 9:39 pm | by emanisa.lk

අද පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොට්ඨාශ 17ම ජයග්‍රහණය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කළේය.

බොහෝ කොට්ඨාශවල එක්සත් ජාතික පක්ෂයට දෙවන ස්ථානය ආරක්ෂා කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග දැඩි සටනක් කිරීමට සිදුවීමත් ඇතැම් කොට්ඨාශවල එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවන ස්ථානයට පත්ව එජාපය තෙවන ස්ථානයට පත්වීමත් විශේෂත්වයකි.

ජනතා විමුක්ති පෙරමුණ තමන් ප්‍රධාන පක්ෂවලට ප්‍රබල බලපෑමක් කළ හැකි පක්ෂයක් බවට නිර්මාණය කරමින් පැවති සමාජ මතය ද මෙම ප්‍රතිඵලය සමග බිඳ වැටීම ද දැකිය හැකිය.

මේ වන විට පොහොට්ටුව සහ ශ්‍රීලනිපය සන්ධානගත වී ඇති අතර එජාපය මැතිවරණ නීති කඩකරමින් රැකියා, ආධාර ආදී විවිධ අල්ලස් ලබා දෙමින් ආණ්ඩුව මැතිවරණය ජයගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස