ශ්‍රී පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.
එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින් පෞද්ගලික හේතු මත මෙම තීන්දුව ගත් බව ධම්මික පෙරේරා දැනුම් දී තිබේ.
මේ වන විට නියමිත පරිදි හෙට උදෑසන රටට දැනුම් දීම සඳහා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු සොයන අතර එය අසාර්ථක වුවහොත් පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇත.
බැසිල් රාජපක්ෂ මේ බව තහවුරු කළ බව මාධ්‍ය වාර්තා කරයි.